FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ජාවාරම්කරුවෙකු යෝෂිතගේ නම කියයි... යෝෂිතගෙන් දීර්ඝ ප‍්‍රශ්ණ කිරීමක්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත යෝෂිත රාජපක්ෂගෙන් මෙසේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබේ. ඉකුත් 2020/21 වර්ෂවලදී මෙම වාහන ජාවාරම සිදුවී ඇති අතර ඊට යෝෂිත රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. රුපියල් කෝටි 10 කට අධික වටිනාකමෙන් යුත් ලෙක්සස් වර්ගයේ අධිසුඛෝපභෝගී මෝටර් රථයක් රේගු බදු නොගෙවා වාහන ආනයනය තහනම් කර තිබියදී නීත්‍යනුකූල නොවන ආකාරයට ආනයනය කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මෙම වාහනයට අමතරව තවත් රුපියල් කෝටි ගණනක් වටිනා වාහන රැසක් හොර පාරවල් ඔස්සේ ආනයනය කර ඇති බවට ලැබී ඇති තොරතුරු මත ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර තිබේ. මෙම වාහන නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ආනයනය කිරීම නිසා රුපියල් කෝටි ගණනක බදු මුදල් රජයට අහිමිවී ඇති බවද විමර්ශන නිලධාරීහු පවසති. මෙම ජාවාරමට සම්බනධ තවත් ප්‍රබලයන් කිහිපදෙනකුගෙන්ම ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වාගෙන යයි.

Google AdSense

In-Article Ad