FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශ‍්‍රී ලංකාවේ විශාලම දල ඇතා අතුරුදහන්..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මහසෙන් ඇතා මෙන්ම විශාල කුම්භස්ථලයක් සහිත 'සැන්ඩෝ' නමැති ඇතා ද මේ වන විට අතුරුදන්ව ඇති බවයි. මෙම සතුන් සිටින ස්ථානයක් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය. අලි ඇතුන් සුරක්ෂිත කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අලි මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව රන්වැල්ල මහතා පෙන්වා දුන්නේය. වර්තමානය වන විට වාර්ෂිකව අලි මරණ 450ක් පමණ වාර්තා වන අතර, වාර්තා නොවන මරණ සංඛ්‍යාව 150ක් පමණ වන බව ඔහු සඳහන් කළේය. 1990 වසරේදී වාර්ෂිකව වාර්තා වූයේ අලි මරණ 22ක් පමණක් බව ද ඔහු මෙහිදී සිහිපත් කළේය. අලියා යනු පරිසර පද්ධතියේ සමතුලිතතාව රකින ප්‍රධානතම ජීවියා බවත්, උන් වඳ වී යාමෙන් සමස්ත පරිසරයටම බරපතළ හානි සිදුවන බවත් ඔහු අවධාරණය කළේය. එසේම, එක් අලියෙකු සිය ජීවිත කාලය තුළ මෙරටට අවම වශයෙන් ඩොලර් මිලියන දෙකක ආදායමක් ගෙන එන බව ද ඔහු පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනම් පියවර නොගතහොත්, අනාගත පරපුරට අලි ඇතුන් දැකගත හැකි වන්නේ කෞතුකාගාරවල තැන්පත් කර ඇති අනුරූ ලෙස පමණක් බව නයනක රන්වැල්ල මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

Google AdSense

In-Article Ad