
වට්ස්ඇප් එකෙන් නිරුවත පෙන්වා කප්පම් ගන්න තවත් ජාවාරමක් ගැන තොරතුරු
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන් රවටා මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අණාවරණ වී තිබෙනවා. ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේ්‍යෂ්ඨ ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පැවසුවේ නාදුන පුද්ගලයන් හරහා ලැබෙන කෙටි පණිවිඩයකින් මෙම ජාවාරම ආරම්භ වන බවයි. “අපි දකිනවා සමාජ මාධ්‍ය හරහා කලෙන් කාලෙට විවිධ ස්වරූපයෙන් වංචා පැමිණෙනවා. එතකොට මෑතකදී ඉතාමත් විශේෂිත වංචාවක් පිළිබඳ අපි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. ඊට හේතු වුණේ ප්‍රධාන වශයෙන්ම පෞද්ගලික ඡායාරූප භාවිතයෙන් කප්පම් ගැනීමක් දක්වා දුරදිග යන වංචාවක්. මේ වංචාව මූලික වශයෙන් සිදුවෙන්නේ කෙටි පණිවිඩ සේවාවන් සම්බන්ධ සමාජ මාධ්‍ය, උදාහරණයක් විදිහට WhatsApp, ඒත් එක්කම Telegram සහ Facebook Messenger වැනි කෙටි පණිවිඩ සේවාවන් ඔස්සේ මූලික අවස්ථාවේදී යම් නොහඳුනන පුද්ගලයෙක්ගෙන් පණිවිඩයක් ලැබෙනවා “Hi” යනුවෙන්. ඉතින් මෙහි තියෙන විශේෂත්වය තමා, ප්‍රොෆයිල් වලට (profiles), එහෙම නැත්නම් මේ අදාළ ඡායාරූපය විදිහට මේ ගිණුම්වල භාවිත කරන්නේ සුරූපී තරුණියන්ගේ ඡායාරූප. ඉතින් බොහෝ දෙනා මේ ඡායාරූප ඇත්ත කෙනෙක්ගේ කියලා විශ්වාස කරලා, මේ සංවාදයත් ගොඩනගා ගන්නවා. ඉතින් සංවාදය යන අතරතුර යම් දවසක, බොහෝ වෙලාවට මේ සංවාදයේදී අදාළ වින්දිතයාගේ Facebook ගිණුම සහ ඔවුන්ගේ තියෙන මිතුරු ලැයිස්තුව වැනි දේවල් මේ වංචනිකයන් විසින් සටහන් කරගන්නවා.” “ඒ අතරතුර යම් අවස්ථාවක වීඩියෝ සංවාදයකටත් ඇරයුම් ලැබෙනවා. ඉතින් ඒ වීඩියෝ සංවාදයේ යන අතරතුර ගොඩක් වෙලාවට සංවේදී දර්ශන, එහෙමත් නැත්නම් නිරුවත් දර්ශන ඉල්ලා යම්කිසි අයැදීමක් සිදු කරනවා. ඉතින් මේක ඉතාමත් අපි දකිනවා ඉතාමත් භයානක දෙයක්. ගොඩක් වෙලාවට තමන්ගේ සංවේදී ඡායාරූප මෙවැනි බාහිර පාර්ශ්වයකට මුදාහැරීම, එය පොළඹවා ගැනීමට ඔවුන් පැම්විට මේ කාන්තාවන්ගේ වෙනත් වීඩියෝ දර්ශනයක් ඔවුන් වෙත පෙන්වීමට සලස්වනවා මෙය සැබෑවක් විදිහට ඒ අදාළ අනිත් පාර්ශ්වයත් නිරුවත් වෙනවා කියන කාරණය දක්වන්න. ඉතින් මේ කාරණය විශ්වාස කරලා බොහෝ දෙනා, ගොඩක් වෙලාවට මේකට ඉලක්ක වන්නේ පිරිමි පාර්ශ්වය. ඉතින් පිරිමි පාර්ශ්වයේ මේ වින්දිතයන් ගොඩක් වෙලාවට තමන්ගේ ඒ වීඩියෝ දර්ශන මුදාහැරීමත් සමඟ වංචනිකයන් විසින් එය රෙකෝඩ් කිරීමක්, එහෙම නැත්නම් ස්ක්‍රීන් කැප්චර් (screen capture) කිරීමක් සිදු කරනවා. ඉතින් මේ දර්ශනය පාවිච්චි කරනවා නැවත වාරයක් කප්පම් ගැනීමට. එහෙමත් නැත්නම් තමන්ගේ අර මිතුරු ලැයිස්තුවේ ඉන්න පිරිස්වල නම් සඳහන් කරමින්, මොවුන් වෙත මුදාහරින බවට පවසමින් කප්පම් ගැනීමට. ඉතින් මේ අපි කියනවා සාමාන්‍යයෙන් ෂෝෂන් (extortion) කිරීමක්, එහෙම නැත්නම් සෙක්ස්ටෝෂන් (sextortion) එකක් කියලා, ලිංගික සූරාකෑමක් කියලා. ඉතින් මේ ඔස්සේ ගොඩක් වෙලාවට පිරිස් තමන්ගේ දර්ශන අන්තර්ජාලයට මුදාහරියි කියන බයින් ගොඩක් වෙලාවට කප්පම් ගෙවීම් සිදුවීම් කිහිපයක් වාර්තා වෙනවා.” .
Google AdSense
In-Article Ad

