
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්‍තමේන්තුවේ පෙළපොත් විසිදහසක් සොරකම් කරලා...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ එම දෙපාර්‍තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව ය. දෙපාර්‍තමේන්තුව මෙම පැමිණිල්ල කර ඇත්තේ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා මෙම පොත් 19892ක තොගය බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත නියමිත පරිදි භාර නොදීම හේතුවෙනි. ගිවිසුම්ගතව ඇති ආයතනය වෙත මෙම පොත් තොගය ලොරියකින් ප්‍රවාහනය කිරීමට පසුගිය මැයි 4 වැනිදා අවසර ලබා දී තිබෙන බව පැමිණිල්ලේ සඳහන් වෙයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්‍ශනය කරන බව පොලිසිය පවසයි.
Google AdSense
In-Article Ad

