FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

GSP+ සහනය තියාගන්න ඕනේ නම් LGBT අයිතීන් දීපල්ලා-මරණ දඬුවම අයින් කරපල්ලා - යුරෝපා සංගමයෙන් ලංකාවට තද කොන්දේසි ලැයිස්තුවක්!

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකාවට හිමිවී ඇති GSP+ බදු සහනය ඉදිරියටත් ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය (EU) විසින් නිකුත් කරන ලද නවතම ඇගයීම් වාර්‍තාව මගින් මෙරටට බලපෑම් සහගත නිර්‍දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබේ. යුරෝපා පාර්‍ලිමේන්තුවට සහ කවුන්සිලයට ඉදිරිපත් කර ඇති මෙම වාර්‍තාව මගින් අවධාරණය කර ඇත්තේ: – සමලිංගික සේවනය අපරාධයක් නොවන ලෙස නීති සංශෝධනය කිරීම සහ ජාතික, ආගමික මෙන්ම LGBTIQ+ ප්‍රජාවන් ආරක්ෂා වන පරිදි වෙනස්කම් කිරීමට එරෙහි පුළුල් නීති සම්මත කිරීම. -මරණ දඬුවම සම්පූර්‍ණයෙන්ම අහෝසි කිරීමේ පියවරක් ලෙස ඊට නිල තහනමක් පැනවීම. – ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර අන්තර්‍ජාතික ප්‍රමිතීන්ට අනුකූලව නව නීති සම්පාදනය කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා වන අන්තර්‍ජාල සුරක්ෂිතතා පනත (Online Safety Act) හකුලා ගැනීම. – ආරක්ෂක අංශ මගින් සිවිල් සංවිධානවලට සිදුවන බලපෑම් නතර කිරීම, පොලිස් අත්අඩංගුවේ පසුවන්නන් මියයාම සහ වධහිංසා පැමිණවීම් නතර කිරීමට පියවර ගැනීම. – ළමා විවාහ තහනම් කිරීම සහ ගෘහස්ථ හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම. 2017 වසරේ සිට ලංකාවට හිමිවන මෙම GSP+ සහනය යටතේ 2024 වසරේදී පමණක් යුරෝ මිලියන 139ක (රුපියල් බිලියන ගණනක) බදු මුදල් නිදහස් කිරීම් ශ්‍රී ලංකාවට හිමිවී ඇත. යුරෝපා වෙළඳපොළට යවන භාණ්ඩවලින් 83.5%ක්ම GSP+ සහනයට යටත් වන අතර, මෙම සහනය අහිමි වුවහොත් මෙරට ආර්‍ථිකයට දැවැන්ත පහරක් එල්ල වීමේ අවදානමක් පවතී.

Google AdSense

In-Article Ad