FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

“ලේ ගාගෙන මැරුණා වගේ හිටියා…” – බොරැල්ල නිව් මැගසින් බන්ධනාගාරයේ රහස් එළියට... යකඩ පොලු අරන් ආවේ කවුද? (VIDEO)

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අගෝස්තු 06 වැනිදා බොරැල්ල නිව් මැගසින් බන්ධනාගාරයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල කරන හිටපු රැඳවියකු, බන්ධනාගාර නිලධාරීන් සහ යකඩ පොලු ගත් වෙනත් කණ්ඩායමක් විසින් රැඳවියන්ට පහරදුන් බවට ප්‍රකාශ කරයි. ඇප මත මෑතකදී නිදහස් වූ මෙම හිටපු රැඳවියා අදාළ චෝදනා ඉදිරිපත් කළේ රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයක් විසින් සංවිධානය කරන ලද ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි. හිටපු රැඳවියා පැවසූ පරිදි, ඔහු නිදාගෙන සිටියදී විශාල ශබ්දයක් ඇසී ඇති අතර, පසුව විශාල පිරිසක් ඔවුන් සිටි සෙල් එකට පැමිණ රැඳවියන්ට පහරදීමට පටන් ගෙන තිබේ. රැඳවියන් ‘සෙල්වලින්’ එළියට ඇදදමා දරුණු ලෙස පහරදුන් බවත්, ඇතැම් පුද්ගලයන් වටකර යකඩ පොලුවලින් සිහිනැති වන තෙක් පහරදුන් බවත් ඔහු චෝදනා කළේය. තමන් බරපතල තුවාල ලැබීමෙන් බේරුණේ තුවාල ලබා සිටි වෙනත් රැඳවියෙකුගේ ලේ ඇඟේ තවරාගෙන සිහිනැතිවූවකු ලෙස සිටීමෙන් බව හිටපු රැඳවියා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම, මෙම සිද්ධියෙන් පසුව මියගිය රැඳවියාට බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසලදී දරුණු ලෙස පහරදී තිබූ බවටද ඔහු චෝදනා කළේය. බන්ධනාගාර නිලධාරීන් සහ වෙනස් ඇඳුම් ඇඳ සිටි යකඩ පොලු ගත් තවත් පිරිසක් ඇතුළුව 100කට වැඩි පිරිසක් මෙම මෙහෙයුමට සම්බන්ධ වූ බව හිටපු රැඳවියා ප්‍රකාශ කළේය. සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් කිහිපදෙනකු පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවත්, ඇතැම් පිරිස් තවදුරටත් ප්‍රතිකාර ලබන බවත් ඔහු පැවසීය. මෙම සිදුවීම රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බවට බන්ධනාගාර බලධාරීන් මුලින් කළ ප්‍රකාශයට වඩා මෙම චෝදනා සම්පූර්‍ණයෙන්ම වෙනස් වේ. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්‍ග සහ පරීක්ෂණ ක්‍රියාත්මක වන බැවින් මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීමට නොහැකි බව බන්ධනාගාර දෙපාර්‍තමේන්තුව පවසයි.

Google AdSense

In-Article Ad