
පවුල් ආරවුලකින් සභාව උණුසුම්.. සභාව නවතා සභාපති පිටව යයි...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
නගර සභා නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් රැස්වීම ආරම්භ වූ අතර, එහිදී සභාපති මොහොමඩ් මබාෂිම් මහතා විසින් ව්‍යාපාරික යෝජනා දහයක් පමණ සභාවට ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ මන්ත්‍රී එම්.එන්.එම්. ඉර්‍ෂාඩ් මහතා එම යෝජනාවලට සිය දැඩි විරෝධය පළ කිරීමත් සමඟ සභාපතිවරයා එම යෝජනා තාවකාලිකව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළේය. අනතුරුව සභාවේ උණුසුම් තත්ත්වය වර්‍ධනය වූයේ ඉර්‍ෂාඩ් මන්ත්‍රීවරයා විසින් සභාපතිවරයාට එරෙහිව එල්ල කරන ලද පෞද්ගලික චෝදනාවක් හේතුවෙනි. සභාපතිවරයා සිය නිල කාමරයේ සිටි අවස්ථාවක රියදුරෙකු සහ සේවිකාවක කැඳවා, බාහිර පුද්ගලයෙකු සම්බන්ධ කරගනිමින් අශෝභන සහ සදාචාර විරෝධී ප්‍රකාශයක් කළ බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය. මෙම චෝදනාව සභාපතිවරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කළ අතර, එය තමන් අපහසුතාවයට පත් කිරීම සඳහා ගොතන ලද අසත්‍යයක් බව ප්‍රකාශ කළේය. මේ සමඟ සභා ගර්‍භය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර උප සභාපති විමලසිරි සිල්වා, විපක්ෂ නායක එම්.එම්. ඉනාම් සහ නාගරික මන්ත්‍රී මල්ලිකා සිල්වා යන මහත්ම මහත්මීන් ද විවිධ අදහස් පළ කරමින් වාද විවාදවල නිරත වූහ. පවතින තත්ත්වය පාලනය කිරීමට නොහැකි වීම හමුවේ සභාපති මොහොමඩ් මබාෂිම් මහතා රැස්වීම අවසන් බව නිවේදනය කර සභා ගර්‍භයෙන් පිටව ගියේය. රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඉර්‍ෂාඩ් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, සභාපතිවරයා නිවැරදි නම් අදාළ සේවකයන් සභාවට කැඳවා තමන් ඉදිරිපත් කළ චෝදනාව අසත්‍ය බව ඔප්පු කළ යුතු බවයි. එසේ නොකර සභාපතිවරයා රැස්වීම අතරමග නතර කර පලා යන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.
Google AdSense
In-Article Ad

