
වහා බදු ගෙවන්නැයි දන්වයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එම නිවේදනයට අනුව, ජූලි මාසය සඳහා වන වැට් බදු ගෙවීම් එළඹෙන අගෝස්තු මස 20 වන දිනට පෙර සිදු කළ යුතුය. නියමිත දිනට බදු ගෙවීම පැහැර හරින හෝ ප්‍රමාද වී ගෙවන බදු ගෙවන්නන් සඳහා දඩ මුදල් නියම කරන බව එම දෙපාර්‍තමේන්තුව අවධාරණය කරයි. චෙක්පත්, බැංකු අණකර හෝ ගෙවීම් ඇණවුම් මගින් සිදු කරන ගෙවීම් නියමිත දිනට පසුව ලැබුණහොත් ඒවා ද ප්‍රමාද ගෙවීම් ලෙස සලකා දඩ මුදල් අය කිරීමට කටයුතු කරනු ඇත. එමෙන්ම, ජූලි මාසයට අදාළ වැට් බදු වාර්‍තා භාරදීම අගෝස්තු මස 31 වන දින හෝ ඊට පෙර සිදු කළ යුතු අතර, එම වාර්‍තා මාර්‍ගගත ක්‍රමය (Online) ඔස්සේ පමණක් භාරදිය යුතු බව ද දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.
Google AdSense
In-Article Ad

