
මං අයේ මහනුවරින් ඡන්දෙ ඉල්ලන්නේ නෑ... ටිිල්වින් සිල්වා ජාතික ලයිස්තුවෙන් පාර්‍ලිමේන්තු එන්න පුළුවන්..- ලාල් කාන්ත
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවර මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් වූයේ ද ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීමකට අනුව බවයි. පුද්ගලයන් දේශපාලනයට පැමිණීම සහ නික්ම යාම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවද, රජයේ ඉදිරි ගමන අඛණ්ඩව සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය. "දේශපාලනය කරනවා කියන්නේ හැමදාම මන්ත්‍රීකම්, ඇමතිකම් කරන එක නෙවෙයි. මම අවුරුදු 42ක් තිස්සේ දේශපාලනය කරනවා. අපේ ටිල්වින් සිල්වා සහෝදරයා කවදාවත් මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් වුණේ නැහැ. නමුත් ඔහු සක්‍රීයව දේශපාලනයේ නිරත වෙනවා. අවශ්‍ය නම් ඔහුට ජාතික ලැයිස්තුවෙන් වුවද පාර්‍ලිමේන්තුවට පැමිණිය හැකියි. නමුත් අපේ අරමුණ තනතුරු ලබා ගැනීමම නෙවෙයි," යනුවෙන් ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. විපක්ෂයේ ක්‍රියාකලාපය විවේචනය කළ අමාත්‍යවරයා, රජය පෙරළීමට උත්සාහ කරන විපක්ෂයට අවම වශයෙන් සියලු දෙනා ඒකරාශී කරගත හැකි නායකයෙකු හෝ නොමැති බව පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා පාර්‍ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වුවද, රටේ පොදු ජනතාව පිළිගන්නා නායකයෙකු ලෙස විපක්ෂය ශක්තිමත් විය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. සමාජයේ පවතින වැරදි මතයක් වන 'දේශපාලනය යනු මැතිවරණවලට ඉදිරිපත් වීම පමණක්' යන චින්තනය වෙනස් විය යුතු බවත්, තමන් තනතුරු දැරුවත් නැතත් දේශපාලන ක්‍රියාවලිය තුළ නිරන්තරයෙන් රැඳී සිටින බවත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Google AdSense
In-Article Ad

