FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අගුලානේ නාවික අනතුර ගැන සොයන්න විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අගුලාන මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් මූලික විමර්‍ශනයක් සිදුකිරීමට විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයක් පත්කර තිබෙනවා. නාවික හමුදාව අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන්. පුහුණු සැසියා අවසන් කර ආපසු පැමිණෙමින් තිබූ යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වුනා. ඊයේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ 11 දෙනෙකු බේරා ගැනුණු අතර ඔවුන් තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබන බවයි නාවික හමුදාව පවසන්නේ. කෙසේ වෙතත් ඔවුන්ගේ තත්වය අසාධ්‍ය නොවන බවද ප්‍රකාශ කෙරුණා. අනතුරෙන් පසු මෙම පිරිස බේරා ගැනුණේ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිවයි. මෙම අනතුරෙන් පසු එක් නාවික නිලධාරියකු තවමත් අතුරුදන් ව සිටිනවා. මුහුද රළු වීම හේතුවෙන් බේරා ගැනීමේ මෙහෙයුම් වලට අවහිර පැමිණ තිබෙනවා. එහෙත් ඒ අවහිරතාද නොසලකමින් මෙහෙයුම් සිදුකෙරෙමින් ඇත්තේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ද යොදවා ගනිමින්. .

Google AdSense

In-Article Ad