
උපන්දින කේක් ගෙඩිය 11දෙනෙකු රෝහල් ගත කරයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
උපන්දින සාදයකදී කේක් අනුභව කිරීම හැමෝම අසාවෙන් බලා සිටින දෙයකි. නමුත් එම කේක් එක නිසාම ඔබට රෝහල්ගත වීමට සිදු වුවහොත් කුමක් සිදුවේද? මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ එවැන්ක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්‍තා කරයි. කේක් අනුභව කර මද වේලාවක් ගත වෙනවාත් සමඟ දරුවන් 7 දෙනෙකු සහ කාන්තාවන් 4 දෙනෙකුගෙන් යුත් පිරිසකට හදිසි උදරයේ සහ පපුවේ වේදනාවක් දැනී ඇත. විනාඩි කිහිපයක් ඇතුළත ඔවුන්ව ආසන්නයේ පිහිටි රෝහලක් වෙත ගෙන ගොස් ඇති. සිදුකළ ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ අනුව හෙළි වී ඇත්තේ මෙම පිරිසට අහාර විෂවීමක් සිදුව ඇති බවය. ඒ අනුව උපන්දින සාදයේ තිබූ ආහාරපාන සියල්ල සෞඛ්‍ය නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී, උපන්දින කේක් එකේ තිබී මියගිය කටුස්සෙකුගේ මළ කුණක් හමුව තිබේ. ඒ අනුව කේක් එක නිෂ්පාදනය කළ වෙළෙඳසැලට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව සඳහන් වේ. කෙසේවෙතත් වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ආහාර විෂ වූ සියලුදෙනාගේම තත්ත්වය මේ වන විට සුව අතට පත්ව ඇති බවය. කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟ අදාළ ප්‍රදේශයේ ආහාර සුරක්ෂිතතාව සහ බේකරි නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිතීන් පිළිබඳව බරපතළ ගැටළු මතුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්‍තා කරයි.
Google AdSense
In-Article Ad

