FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ආණ්ඩුවට ජනතා කැමැත්ත කණපිට හැරේ.. ‘වෙරිටේ රිසර්‍ච්’ අලුත්ම සමීක්‍ෂණයෙන් සියළු දර්‍ශක දරුණු කඩා වැටීමක..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

2026 පෙබරවාරි මාසයේ පැවති සමීක්ෂණයේදී රජයේ අනුමැතිය 65%ක් ලෙස ඉහළ මට්ටමක පැවති අතර, මාස කිහිපයක් ඇතුළත එය මෙලෙස මධ්‍යස්ථ අගයක් දක්වා පහත වැටී ඇති බව එම වාර්‍තාව පෙන්වා දෙයි. රටේ ආර්‍ථික අනාගතය පිළිබඳ මහජනතාව තුළ පැවති සුබවාදී ආකල්ප ද මෙම කාලය තුළ ශීඝ්‍රයෙන් පහත වැටී ඇත. ආර්‍ථිකය "යහපත් අතට හැරෙමින් පවතින" බව විශ්වාස කරන පිරිස පෙර පැවති 64% සිට 42% දක්වා අඩු වී තිබේ. එමෙන්ම ආර්‍ථිකය "නරක අතට හැරෙන" බව පවසන පිරිස 40% දක්වා ඉහළ ගොස් ඇති අතර, රජයේ ක්‍රියාකලාපය අනුමත නොකරන පිරිස 15% සිට 31% දක්වා දෙගුණයකින් වැඩි වී ඇත. මෙම සමීක්ෂණ වාර්‍තාවට අනුව, රටේ ආර්‍ථික විශ්වාස දර්‍ශකය යළිත් සෘණ අගයක් ගෙන තිබේ. 2024 වසරේ මැද භාගයේදී සෘණ 39ක්ව පැවති මෙම දර්‍ශකය, 2025 පෙබරවාරි මාසයෙන් පසු ධන අගයකට පැමිණ තිබුණද, මෙම නවතම සමීක්ෂණ වාරයේදී එය සෘණ 8 (-8) දක්වා පහත වැටී ඇත. වත්මන් ආර්‍ථික තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූවන්ගෙන් 56%ක්ම එය "දුර්‍වල" මට්ටමක පවතින බව ප්‍රකාශ කර ඇති අතර, ආර්‍ථිකය "යහපත්" හෝ "විශිෂ්ට" මට්ටමක පවතින බව පවසා ඇත්තේ 38%ක් පමණි. මෑතකදී ප්‍රකාශයට පත් වූ ‘සමාජ දර්‍ශක සමීක්ෂණය’ මගින් ජනාධිපතිවරයා (76%) සහ අගමැතිවරයා (68%) කෙරෙහි ඉහළ ප්‍රසාදයක් පවතින බව වාර්‍තා කර තිබුණද, වෙරිටේ රිසර්‍ච් ආයතනය පෙන්වා දෙන්නේ සමස්ත රජයේ ක්‍රියාකලාපය පිළිබඳ මහජන අනුමැතිය 50%ක් පමණ වන බවයි. මෙය පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් කෙරෙහි පවතින 45%ක ප්‍රසාදයට ආසන්න අගයක් ගැනීම විශේෂත්වයකි. වැන්ගාඩ් සර්‍වේ ආයතනය සමඟ එක්ව 2026 ජූලි 11 සිට 30 දක්වා කාලය තුළ මෙම සමීක්ෂණය පවත්වා ඇත. දිවයින පුරා විසිරී සිටින වැඩිහිටියන් 2,013 දෙනෙකු ඇසුරින්, විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව තෝරාගත් නියැදියක් මගින් මෙම දත්ත රැස් කර තිබේ.

Google AdSense

In-Article Ad