
හිටපු ඇමති බිරිදක් ගොඩනැගිල්ලකින් ඇද වැටී මිය යයි...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 55 හැවිරිදි වියේ පසු වූ දේශානි ගුණරත්න මහත්මියයි. දෙදරු මවක වූ ඇය, තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට වැටීම හේතුවෙන් මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්‍තා වේ. අනතුරෙන් බරපතළ තත්ත්වයේ පසු වූ ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) උදෑසන මියගොස් ඇත. ඇයගේ දේහය අවසන් කටයුතු සඳහා තණමල්විල පිහිටි ඔවුන්ගේ නිවස වෙත රැගෙන යාමට නියමිත බව පවුලේ ආරංචි මාර්‍ග සඳහන් කරයි.
Google AdSense
In-Article Ad

