FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පොලිසියට අලුත් නිල ඇදුමක් එක්ක අලුත් වැටුපක්..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

රූපවාහිනී නාලිකාවක පැවැත්වූ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, පොලිස් සේවය මේ වන විට දේශපාලනීකරණයෙන් මුළුමනින්ම නිදහස් කර ඇති බවයි. කිසිදු බාහිර බලපෑමකින් තොරව ස්වාධීනව විමර්‍ශන සිදු කිරීමට අවශ්‍ය වටපිටාව සහ පහසුකම් නිලධාරීන්ට සලසා දී ඇති බවත්, පාතාල ක්‍රියාකාරීන්ගේ තර්‍ජන හමුවේ පොලිසිය කිසිසේත් පසුබට නොවන බවත් ඔහු සඳහන් කළේය. පොලිස් සේවයේ පවතින නිලධාරී හිඟය මඟහරවා ගැනීම සඳහා මේ වසර තුළ නවක නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති අතර, ඉන් 6,000ක් පමණ මේ වන විටත් සේවයට අන්තර්‍ග්‍රහණය කර අවසන් බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. පොලිස් නිලධාරීන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පොලිස් සේවයටම ආවේණික වූ සුවිශේෂී වැටුප් ව්‍යුහයක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල තීන්දුවක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන අනුකමිටුවක් මේ වන විටත් ක්‍රියාත්මක බවත් පැවසීය. මීට අමතරව, නිලධාරීන් සඳහා අවදානම් දීමනාවක් ලබා දීමට අදාළ කරුණු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය. පොලිසියේ බාහිර ප්‍රතිරූපය වෙනස් කිරීමට සමගාමීව, මහජනතාව සමඟ සමීපව කටයුතු කරන, වඩාත් මිත්‍රශීලී සහ ගුණාත්මක පොලිස් සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Google AdSense

In-Article Ad