FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

එල්නිනෝ නිසා ආහාර මිල 25%කින් ඉහලට..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

නාවික ප්‍රවාහන හා වෙළඳ කටයුතුවලට එල්ල වී ඇති බාධා මෙන්ම ප්‍රධාන ආහාර නිෂ්පාදක රටවල් සිය පරිභෝජනය සුරක්ෂිත කර ගැනීම සඳහා අපනයන සීමා පැනවීම මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධාන හේතු වී තිබේ. මේ වන විටත් ඉන්දියාව සීනි අපනයනය තහනම් කර ඇති අතර, ඒ හේතුවෙන් බ්‍රසීලය වැනි ඈත රටවලින් සීනි ආනයනය කිරීමට සිදුවීම නිසා ප්‍රවාහන පිරිවැය සහ කාලය ඉහළ ගොස් ඇත. මේ පිළිබඳව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය විසින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දැනුවත් කර තිබේ. එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ඉන්දියාව ලොකු ලූනු අපනයනයට ද සීමා පැනවීමට සූදානම් වන බවයි. එවැනි තත්ත්වයක් උදා වුවහොත් නෙදර්‍ලන්තය වැනි රටවලින් ලූනු ආනයනය කිරීමට සිදුවන බවත්, එවිට අධික නාවික ගාස්තු හේතුවෙන් මිල තවත් ඉහළ යන බවත් ඔහු පෙන්වා දෙයි. දැනටමත් නාවික ප්‍රවාහන ගාස්තු සියයට 20-30ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාව සිය පරිප්පු, සීනි, තිරිඟු, ඇතැම් සහල් වර්‍ග සහ ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් ආනයනය කරන බැවින් මෙම ගෝලීය තත්ත්වය මෙරට වෙළඳපොළට සෘජුවම බලපානු ඇත.

Google AdSense

In-Article Ad