FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සමාගමක වැඩිම කොටස් හිමි රනිල්ට....

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙම සමාගම රජයේ බැංකුවලින් බිලියන ගණනක ණය මුදල් ලබාගෙන ඇති බවත්, වික්‍රමසිංහ පවුලේ සාමාජිකයන් සමාගමෙන් ඉවත් වීමට පෙර එම ණය මුදල් පියවා තිබේද යන්න පිළිබඳව බරපතල සැකයක් පවතින බවත් මහවත්ත මහතා මෙහිදී පෙන්වා දුන්නේය. 2024 ඔක්තෝබර් 14 වන දින නිකුත් කරන ලද ලේඛනවලට අනුව, රනිල් වික්‍රමසිංහ මහතා එම සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි තනි පුද්ගලයා ලෙස නම් කර ඇති බවද ඔහු පැවසීය. දැනට පවතින තොරතුරු අනුව, අශෝක හේමචන්ද්‍ර සහ දයා ගමගේ මහතාගේ පුත් චමීන්ද්‍ර කිලිටුව ගමගේ යන අය නව අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති බවත්, මෙය සුදු කරපටි මාෆියාවක කොටසක් විය හැකි බවටත් ඔහු චෝදනා කළේය. රජයේ බැංකුවලින් ලබාගත් මෙම ණය මුදල් අවසානයේ බොල් ණය ලෙස කපා හැරීමට ඉඩ ඇති බවත්, එමගින් මෙරට තැන්පත්කරුවන්ගේ මුදල්වලට විශාල හානියක් සිදුවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බව පැවසූ මහවත්ත මහතා, මේ පිළිබඳව වහාම මාධ්‍ය නිවේදනයක් නිකුත් කර කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටියේය. එසේම, මෙම මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව ඉදිරියේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

Google AdSense

In-Article Ad