FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

දක්‍ෂිණ අධිවේගී මාර්‍ගයෙන් කළුතරට තවත් පිවිසුමක්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කළුතර ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. කළුතර නගරයට පිවිසීම සඳහා දැනට දක්ෂිණ අධිවේගී මාර්‍ගයේ දොඩංගොඩ පිවිසුම භාවිත කරන අතර, බෝම්බුවල නව පිවිසුම විවෘත වීමත් සමඟ කළුතර නගරයට මෙන්ම නාගොඩ ශික්ෂණ රෝහලට ද ඉතා පහසුවෙන් සහ කඩිනමින් ළඟා වීමේ අවස්ථාව උදාවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මීට සමගාමීව කළුතර, පලාතොට සහ නාගොඩ හරහා බෝම්බුවල දක්වා ගමන් කළ හැකි වන පරිදි කළුතර - පලාතොට මාර්‍ගය ද පුළුල් කර සංවර්‍ධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මෙම නව ව්‍යාපෘතිය හරහා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන පද්ධතියේ සැලකිය යුතු දියුණුවක් අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

Google AdSense

In-Article Ad