FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහැරි සැකකරුවෙකු අත්අඩංගුවට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ පරිගණක අපරාධ විමර්‍ශන අංශයේ මහනුවර උප ඒකකය විසින්. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනිගත්හේන ප්‍රදේශයේදීයි. වයස අවුරුදු 36 ක් වන ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ. සැකකරු අදාළ කාන්තාව සමග විවාහ වී සිට පසුව නීත්‍යානුකූලව වෙන්ව සිටියදී මෙලෙස ඇයගේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව පොලිස් විමර්‍ශනවලදී අනාවරණ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්‍තමේන්තුවේ පරිගණක අපරාධ විමර්‍ශන අංශයේ මහනුවර උප ඒකකය මගින් වැඩිදුර විමර්‍ශන ක්‍රියාත්මකයි. .

Google AdSense

In-Article Ad