
සෙවනගල සීනි ෆැක්ටරිය විකිණීමේ උත්සාහයක්..? උක් ටොන් හයදහසක් විනාශ වෙමින්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
සේවකයන්ට හිමි විය යුතු දීමනා ලබා නොදීම හේතුවෙන් ඔවුන් වැඩ වර්‍ජනයක නිරත වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබේ. මේ පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන ප්‍රදේශයේ උක් ගොවීන් පවසන්නේ, පාලනාධිකාරියේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැඩි මූල්‍යමය අර්‍බුදයකට මුහුණ දී සිටින බවයි. අස්වනු නෙළා දින කිහිපයක් ගතවීම නිසා උක් ගස් වියළී බර අඩුවන බවත්, එමගින් තමන්ට ලැබෙන ආදායම සීඝ්‍රයෙන් පහත වැටෙන බවත් ඔවුහු පෙන්වා දෙති. පාලනාධිකාරිය විසින් ආයතනය පවත්වාගෙන යාමට නොහැකි බව පවසමින් එය විකිණීමට උත්සාහ කරන බවට ද ගොවීන් චෝදනා කරති. පොහොර සහ බීජ ලබාදීමේදී ද පාලනාධිකාරිය නිසි සහයෝගයක් ලබා නොදෙන බවත්, සේවකයන් සහ පාලනාධිකාරිය අතර පවතින ගැටුම්වලට ගොවීන් වන්දි ගෙවිය යුතුදැයි ඔවුහු ප්‍රශ්න කරති. මේ පිළිබඳව සෙවණගල සීනි සමාගමේ විධායක අධ්‍යක්ෂ යූ.එස්.බී. කුමාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ගොවීන්ට සිදුවන පාඩුව අවම කිරීම සඳහා දැනට නෙළා ඇති උක් අස්වනු පැල්වත්ත සීනි සමාගම වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි. කෙසේ වෙතත්, සේවක වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී ඇති අතර, මේ වන විටත් උක් වගාබිම් තුළ ටොන් දහස් ගණනක අස්වනු වියළෙමින් පවති.
Google AdSense
In-Article Ad

