
ඉහළ ගිය වාහන මිල පහළ වැටෙයි – පොඩි වාහන ලක්‍ෂ 10කින් පමණ අඩුවී ඇතැයි ආනයනකරුවෝ කියති
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
විවෘත වෙළඳපොලේ වාහන මිල කැපී පෙනෙන ලෙස අඩුවී ඇතැයි ආනයනකරුවන් පවසනවා. ඇතැම් වාහන රුපියල් ලක්ෂ දහයකින් පමණ මිල අඩුවී ඇති බවයි ඔවුන් කියා සිටියේ. මේ ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මිරින්චිගේ මහතා. “වාහන මිල ගණන් සැහෙන්න අඩු වෙලා තියෙනවා. දැන් ඒත් තවත් අඩු වෙයි කියන එක මං විශ්වාස කරන්නේ නැහැ. ඉතින් පාරිභෝගිකයන්ට හොඳ අවස්ථාවක් මේක ගන්න එක. ඉතින් වෙළඳපොළ නැවතත් ප්‍රකෘති වෙච්ච ගමන් මං හිතන්නේ ලොකු ගානකින් වැඩි වෙනවා. ගොඩක් වෙළෙන්දෝ මේ වෙලාවේ වාහන පාඩුවට දෙන්නේ. මේක තමයි ගැණුම්කරුවන්ට තියෙන හොඳම වෙළඳපොළක් කියලා කියන්න පුළුවන්. දැනට ලංකාවේ ජනප්‍රියම වාහන තියෙන්නේ – Yaris, Raize, Vezel, Wagon R, Daihatsu Mira, Suzuki van… ඒ වගේ පොඩි හැම එකක්ම ලක්ෂ 3, 4, 5කින්, සමහර වෙලාවට ලක්ෂ 10කින් විතර අඩු වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ හොඳ වෙළඳපොළක් ගැණුම්කරුවන්ට. මේ අවස්ථාවේ තමයි තමුන්ගේ වාහනයක් ගන්න ඕනේ නම් ඇවිල්ලා වාහන ගන්න තියෙන හොඳම අවස්ථාව ඉතා ලාභදායී ලෙස.” රජය විසින් සිදු කෙරුණු බදු සංශෝධනයක් හේතුවෙන් ඉකුත් මාස කිහිපයේදී වාහන මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබුණා. එසේ තිබියදී දැන් වාහන මිල අඩු වී තිබෙන්නේ. .
Google AdSense
In-Article Ad

