FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

22 සංශෝධනය යනු රාජ්‍ය බලය අත්පත් කර ගැනීමයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩු බලය හිමිවුවද රාජ්‍ය බලය මෙතෙක් ලැබී නොමැති බවට රජයේ මැති ඇමැතිවරුන් කරන ප්‍රකාශයන් පැරණි කොමියුනිස්ට් න්‍යායක් මත පදනම් වූවක් බවයි. වසර පහක කාලයකින් අවසන් නොවන පරිදි සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම සිය පක්ෂයේ පූර්‍ණ ආධිපත්‍යයට නතු කරගැනීම වත්මන් පාලකයන්ගේ සැබෑ උවමනාව වී ඇතැයිද ඔහු චෝදනා කළේය. එම සැලසුමේ වඩාත්ම තීරණාත්මක කොටස අධිකරණ පද්ධතිය යටපත් කරගැනීම බව සඳහන් කළ ඒ මහතා, ඊට අමතරව රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සාමාන්‍යයෙන් හිමිවන දෙපාර්‍තමේන්තු ප්‍රධානී තනතුරු පවා අහිමි කරමින්, පිටතින් සිය පාක්ෂිකයන් ගෙනැවිත් එම තනතුරුවලට බඳවා ගනිමින් සිටින බවද පැවසීය. වත්මන් පරිපාලනය තුළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන මෙහෙයවනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් නිකුත් කෙරෙන නියෝග මත නොව, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්‍යාලයෙන් ලැබෙන විධානවලට අනුව බවටද ගම්මන්පිල මහතා දැඩි චෝදනාවක් එල්ල කළේය. මීට පෙර පැවති කිසිදු රජයක් යටතේ ඩාර්‍ලි පාරෙන්, නෙළුම් මාවතෙන් හෝ සිරිකොතින් උපදෙස් ලබාගෙන මෙරට රාජ්‍ය පාලනය සිදු නොවූ බව සිහිපත් කළ හිටපු අමාත්‍යවරයා, මෙවැනි අත්තනෝමතික ක්‍රියාමාර්‍ග ඔස්සේ රට අතිශය භයානක ඒකපාක්ෂික ඒකාධිපති පාලනයක් කරා තල්ලු වෙමින් පවතින බව වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad