FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තිලීපන්ගේ ලෝකඩ ප්‍රතිමාවක් නල්ලූර්‍හි විවෘත කරයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මාරාන්තික උපවාසයක නිරතව මියගිය තිලීපන්ගේ 39 වන අනුස්මරණය නිමිත්තෙන් යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකරන ලද ඔහුගේ ලෝකඩ පිළිරුවක් නිරාවරණය කර තිබේ. මෙම අනුස්මරණ අවස්ථාවට එක්වූ ජනතාව අදාළ පිළිරුව වෙත මල්මාලා පළඳවා පුෂ්පෝපහාර දක්වමින් ආචාර ගෞරවය පුද කිරීමට පියවර ගත්හ. ඉන්දු - ලංකා ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසු දෙමළ ජනතාව මුහුණදුන් ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉන්දීය රජයට බලකරමින් ඉල්ලීම් 05ක් මුල් කරගෙන තිලීපන් විසින් මෙම උපවාසය ආරම්භ කරනු ලැබීය. ඒ අනුව, 1987 සැප්තැම්බර් මස 15 වැනි දින පෙරවරු 9.45ට පමණ නල්ලූර් කන්දස්වාමි කෝවිල ඉදිරිපිටදී ඔහු ආහාර හා ජලය මුළුමනින්ම වර්‍ජනය කරමින් මාරාන්තික උපවාසය ආරම්භ කළේය. එම ඉල්ලීම් සඳහා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අඛණ්ඩව දින 12ක් පුරා උපවාසයේ නිරත වූ ඔහු, අදාළ කිසිදු ඉල්ලීමක් ඉටුනොවූ පසුබිමක 1987 සැප්තැම්බර් මස 26 වැනි දින පෙරවරු ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ මරණය සිදුවූ දිනට සමගාමීව උතුරු පළාත පුරා සංවිධානය කර ඇති මෙම අනුස්මරණ වැඩසටහන් පැවැත්වීමට නියමිත බව වාර්‍තා වේ Memorial Unveiled for Tamil Activist Thileepan on 39th Death Anniversary A memorial shrine has been inaugurated in the Nallur area of Jaffna, honoring the memory of Thileepan, who tragically succumbed to a hunger strike. At the commemoration event, attendees gathered to pay their respects, adorning the shrine with wreaths and floral offerings as a sign of reverence. Thileepan initiated his hunger strike on September 15, 1987, outside the Kandashwami Temple in Nallur, demanding solutions from the Indian government for issues faced by the Tamil community following the implementation of the Indo-Lanka Accord. His protest consisted of five key demands aimed at alleviating the plight of his people. Without receiving a reasonable response to his demands, Thileepan continued his strike for 12 days, ultimately leading to his tragic death on September 26, 1987, as none of his requests were met. It has been reported that memorial events are being organized across the Northern Province to mark the anniversary of his death, fostering a sense of solidarity among the Tamil community. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad