FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

විපක්ෂේ හොරුන්ට වෙන්නේ වෙඩි තියාගෙන මැරෙන්නනැත්නම් බෙල්ල වැලලා ගෙන මැරෙන්න…! – කඩුවෙල නගරාධිපති

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මහජන මුදල් කොල්ලකමින් රට විනාශ කළ පාර්‍ශ්වයන්ට නැවත රජ කිරීමට ජනතාව කිසිසේත්ම ඉඩ නොතබන බව කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් අවධාරණය කරයි. එසේම සිදුකළ වැරදි වෙනුවෙන් මේ වන විට සියලු දෙනාටම ස්වභාවධර්‍මයෙන් සහ නීතියෙන් දඬුවම් හිමිවෙමින් පවතින බව ද හෙතෙම කියා සිටියේය. “අපි ඒ අයට කියන්නේ අසාර්‍ථක උත්සාහයන් දරන්න එපා කියලයි. මේක ඒ අයට විශාල ව්‍යසනයක්. දැන් තේරුම් අරන් තියෙනවා එකම කොටේ නැගලා තමයි යන්න වෙන්නේ කියලා. එහෙමනම් යන්න කියලයි අපි කියන්නේ. අවසානයේ මේ සියලු දෙනාටම සිද්ධ වෙන්නේ එක්කෝ තමන්ගේ අතින්ම වෙඩි තියාගෙන මිය යන්න. නැත්නම් තමන්ගේ ගෙළට තොණ්ඩුව දාගෙන මිය යන්නයි. වෙන කරන්න දෙයක් නෑ, ඒ ගැන අපේ බලවත් ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරනවා.” මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මේ බව කීය.

Google AdSense

In-Article Ad