FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මහ බැංකු වාර්‍තා බොරු.. මාත් එක්ක විවාදෙකට එන්න..- සජිත්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අදාළ වාර්‍තාව වැරදි, දෝෂ හා අඩුපාඩුවලින් පිරී ඇති බවත්, එය මෙරට ලක්ෂ 220ක් වන ජනතාව නොමඟ යැවීමේ අරමුණින් සකස් කරන ලද ලේඛනයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. තමන් මෙම විවේචනය එල්ල කරන්නේ නිවැරදි කරුණු සහ දත්ත පදනම් කරගෙන බව අවධාරණය කළ ඒ මහතා, මේ පිළිබඳව ඕනෑම පාර්‍ශ්වයක් සමඟ ඕනෑම අවස්ථාවක විවෘත විවාදයකට මුහුණ දීමට තමන් සූදානම් බව ද පැවසීය. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. "මෙම වාර්‍තාව හරහා ආණ්ඩුව උත්සාහ කරන්නේ රටේ තත්ත්වය පිළිබඳව ව්‍යාජ සුබවාදී චිත්‍රයක් මවාපෑමටයි. ඒ සඳහා ඔවුන් තමන්ට අවශ්‍ය ඇතැම් තොරතුරු පමණක් තෝරා බේරාගෙන ඇතුළත් කර ඇති අතර, තවත් වැදගත් මූලික කරුණු හිතාමතාම මඟහැර තිබෙනවා. දත්ත ඉදිරිපත් කිරීමේදී කාලානුක්‍රමික අනුකූලතාවක් මෙන්ම විශ්වසනීයත්වයක් තිබිය යුතුයි. වැරදි නිගමනවලට එළඹීම සඳහා මෙලෙස යල්පැනගිය දත්ත ඉදිරිපත් කිරීමට මහ බැංකුවට හෝ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්‍තමේන්තුවට කිසිදු අයිතියක් නැහැ," යැයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. සාර්‍ව මෙන්ම ක්ෂුද්‍ර ආර්‍ථික විද්‍යා මූලධර්‍ම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව තමන් මෙම කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය: "ආණ්ඩුවේ වාර්‍තාවේ ඇතුළත් සියලුම සමාජ-ආර්‍ථික දත්ත අයත් වන්නේ 2016 සිට 2019 දක්වා කාලයටයි. එහෙත් ප්‍රධාන ආර්‍ථික දර්‍ශක, සාර්‍ව ආර්‍ථික දර්‍ශක, ජනවිකාස දත්ත සහ ආයු අපේක්ෂාව සඳහා භාවිත කර ඇත්තේ 2024 වසරේ දත්තයි. බාහිර වෙළෙඳාම, මූල්‍ය, පාරිභෝගික මිල දර්‍ශක, මූර්‍ත දළ දේශීය නිෂ්පාදිතය, අපනයන සහ ආනයන, සෞභාග්‍යය දර්‍ශක මෙන්ම මානව සංවර්‍ධන දර්‍ශක වැනි කරුණු ආසියානු සහ සාර්‍ක් කලාපීය රටවල් සමඟ සංසන්දනය කර ඇත්තේ මෑත කාලීන දත්ත උපයෝගී කරගනිමිනුයි. කෙසේ වෙතත්, සමාජ-ආර්‍ථික තත්ත්වයන් විග්‍රහ කරන කොටසේදී පමණක් භාවිත කර ඇත්තේ 2016–2019 කාලයට අයත් යල්පැනගිය දත්ත පමණයි."

Google AdSense

In-Article Ad