FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉන්ධන පරිභෝජනය සීමා කරන්න වෙනවා..- බලශක්ති ඇමති

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඩීසල් මිල සංශෝධනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඩීසල් මිල ඉහළ දමනු ලැබුවේ රුපියල් 10කින් පමණක් වුව ද, ඒ සඳහා ඉන්ධන සමාගම් වෙත රුපියල් 70ක සහනාධාරයක් රජය මඟින් ලබා දෙන බවයි. ඒ අනුව ඩීසල් ලීටරයක් වෙනුවෙන් වැයවන පිරිවැයෙන් රුපියල් 70ක මුදලක් රජය විසින් දරා ගනිමින්, පාරිභෝගිකයාට පැවරීමට කටයුතු කළේ රුපියල් 10ක් වැනි සුළු මුදලක් පමණක් බව ද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත්, පවතින ආර්‍ථික හා සැපයුම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් රට තුළ ඉන්ධන භාවිතය පාලනය කර ගැනීම මේ මොහොතේ අතිශය වැදගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Google AdSense

In-Article Ad