
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ සිලෝන් නිවුස් පේපර්‍ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරු හා සේවකයින් අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. ඒ, සිලෝන් නිවුස් පේපර්‍ස් සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි. වාණිජ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ලක් මත සිදු කරන විමර්‍ශනයකට අදාළව ටිරාන් අලස් මහතා ඇතුළු අදාල පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂවරු හා සේවකයින් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා තිබුණා. .
Google AdSense
In-Article Ad

