FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තෙල් ලීටරේ වරායෙන් බාන මිල කීයද.. විකුණන්නෙ ඊට දහක් වැඩියෙන්ද.. මිල සුත්‍රය හංගන්නෙ ඇයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්‍යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ, වත්මන් මොහොතේ වරායෙන් ගොඩබානු ලබන පෙට්‍රල් ලීටරයක සැබෑ පිරිවැය කොපමණද යන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාව හමුවේ පැහැදිලි කළ යුතු බවයි. පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් දහයක බද්දක් වෙනුවට රුපියල් විස්සක් හෝ අය කර, එසේත් නැතිනම් යෝජිත බදු මුදල දෙගුණයකින් ඉහළ නංවා හෝ ඉන්ධන මිල ප්‍රකාශයට පත් කරන ලෙස හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. වත්මන් පාලනය තුළ සිදුවන මෙම ක්‍රියාකලාපයන් හේතුවෙන් මෙරට පොදු ජනතාව බලවත් වේදනාවකින්, දැඩි කලකිරීමකින් මෙන්ම ආණ්ඩුව කෙරෙහි දැඩි දේශපාලන කෝපයකින් පසුවන බවත්, මෙය පාලකයන්ට නොතේරෙනවා යැයි සිතිය නොහැකි බවත් සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad