
කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම අද ඇරඹෙයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබාගැනීම අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීිරණය කළේ ඊයේ පස්වරුවේ කොළඹ විපක්‍ෂ නායක කාර්‍යාලයේදී පැවති පාර්‍ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි. එම විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා පාර්‍ලිමේන්තුවට භාර දීමටද එහිදී තීරණය වී තිබෙනවා. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ගෙන ඒමට තීරණය කර ඇත්තේ චෝදනා 49ක් යටතේ බවද වාර්‍තා වනවා. මේ අතර පාර්‍ලිමේන්තුව අද පෙරවරු නවයට යළි රැස්වීමට නියමිතයි. .
Google AdSense
In-Article Ad

