FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ ගිවිසුමකට ඉන්දු ලංකා සමූපකාර අතර ගිවිසුමක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම සහ ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ අනුපම් කෞෂි මහතාත්, ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය වෙනුවෙන් එහි සභාපති ආචාර්‍ය ශාන්ත ජයරත්න මහතාත් එම ගිවිසුමට අත්සන් තැබූ බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්‍ධන අමාත්‍යාංශය පැවසුවේ. එම අවස්ථාවට මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්‍ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද එක්ව තිබෙනවා. ඊට සමඟාමීව නිදහස් වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම ඇතුළු වෙළෙඳ හා වාණිජමය ගැටලු පිළිබඳවද ඉන්දීය මහකොමසාරිස්වරයා හා වෙළෙඳ අමාත්‍යවරයා අතර ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බවද එම අමාත්‍යංශය සඳහන් කළා. .

Google AdSense

In-Article Ad