
සිංගප්පූරු ගිය ශිරන්ති ආපසු එයි.. කටුනායකදී අත්අඩංගුවට ගැනීමක් නෑ..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මැලේසියාවේ සිට පැමිණි එම්.එච්. 179 (MH 179) දරන ගුවන් යානයෙන් ඇය මෙලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වගඋත්තරකරු කරමින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයැදුම්පත හරහා තමන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදීම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය නීතිඥවරුන් මාර්‍ගයෙන් අධිකරණයට දන්වා ඇත. 'සිරිලිය සවිය' අරමුදලට අයත් බැංකු ගිණුමක සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සහ ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර ඇයට දැනුම් දී තිබිණි. කෙසේ වෙතත්, එම දැනුම්දීමෙන් පසුදිනම ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබූ අතර, අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා පසුව වෙනත් දිනයක් ඉල්ලා තිබිණි. එලෙස නියමිත දිනට පෙනී නොසිටියහොත් ඇයව අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසය ඒ වන විටත් දැනුම් දී තිබූ පසුබිමක, මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
Google AdSense
In-Article Ad

