
මාලිමාණ්ඩුව අරහත් ධජය ගැලෙවුවා.. ඉය ඉතිහාසගත කළු පැල්ලමක්..
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ගිහි ඇඳුම් අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීම වත්මන් ආණ්ඩුව සිය ඉතිහාසයේ තබාගත් මකාගත නොහැකි කළු පැල්ලමක් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ ප්‍රකාශ කරති. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවේ පිරිසක් එක්ව මෙම උතුම් අරහත් ධජය ගලවා ඥානසාර හිමියන්ව ගිහි ඇඳුමින් අධිකරණයට ගෙනැවිත් සංදර්‍ශනයක් පෙන්වූ බවයි. බුද්ධ ශාසනයට වින කිරීමට උත්සාහ දරන ඕනෑම පාර්‍ශ්වයකට එම ක්‍රියාවම පෙරළා තමන්ටම මහත් විපතක් ගෙන දෙනු ඇති බව උන්වහන්සේ අවධාරණය කළහ. භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය ගලවා ගිහි ඇඳුම් ඇන්දවීමෙන් ආණ්ඩුවේ කිහිප දෙනෙකු සතුටු වුවද, ජාති හෝ ආගම් භේදයකින් තොරව රටේ සමස්ත ජනතාවම මෙම නින්දිත ක්‍රියාව හේතුවෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටින බව උන්වහන්සේ පෙන්වා දුන්හ. මිහිඳු මහරහතන් වහන්සේගේ සම්ප්‍රාප්තියෙන් මෙරටට හිමිවූ උතුම් ශාසනික හා ධර්‍ම දායාදය විනාශ කිරීමට අතීතයේදී මෙන්ම අනාගතයේදී ද කිසිවෙකුටත් නොහැකි බව පෙන්වා දුන් මිහින්තලා විහාරාධිපති හිමියන්, වත්මන් පාලකයන් විසින් සිදුකරගත් මෙම බරපතළ ඓතිහාසික වරද කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි බව ද වැඩිදුරටත් කියා සිටියහ. Monk Condemns Government's Treatment of Venerable Gnanasara The recent actions taken against Venerable Gnanasara Thero have left an indelible mark of shame on the current government's reputation, according to the Chief Incumbent of the Rajamaha Viharaya in Mihintale, Kottawala Hangunwewa Dhamma Rathana Thero. Speaking at a special media briefing, the monk elaborated on how President Anura Kumara Dissanayake and key members of the ruling coalition publicly displayed the revered monk after stripping him of his robes and presenting him in civilian attire before the courts. He cautioned that any attempts to undermine the Buddhist clergy through such actions would ultimately backfire, resulting in significant repercussions for those involved. While some within the government may have felt satisfaction from the act of disrobing the monk, Dhamma Rathana Thero emphasized that the wider population—even those indifferent to ethnic or religious distinctions—has been deeply unsettled by this disgraceful conduct. He firmly asserted that no individual could ever erase the invaluable spiritual and humanitarian contributions bestowed upon Sri Lanka by the Mahinda Maharahatan, both in the past and in the future. The heavy historical mistake committed by the current rulers in this instance cannot be undone, he added. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

