FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව අභියසදී, පැවති අධිෂ්ඨාන සත්‍යක්‍රියාවකට එක්වෙමින් උන්වහන්සේ මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළහ. එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ, අතීතයේදී විවිධ අර්‍බුද හමුවේ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස පමණක් නොව ඔහුගේ පුත්‍රයා පවා රැකවරණය ලැබුවේ ගාල්ල ඇතුළු ප්‍රදේශවල විහාරස්ථානවල බවයි. එලෙස සංඝරත්නයේ රැකවරණය ලැබූ පිරිස් අද බලයට පත්වීමෙන් පසු බුදු සසුනට සහ භික්ෂුත්වයට එරෙහිව කෘතවේදීත්වයකින් තොරව කටයුතු කරමින් සිටින බව උන්වහන්සේ චෝදනා කළහ. බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ පවා මෙරට බෞද්ධ සම්ප්‍රදායන්ට සහ මහා සංඝරත්නයට යම් ගෞරවයක් හිමිවූ බව පෙන්වා දුන් ධම්මරතන හිමියෝ, වත්මන් පාලනය නිරාගමික න්‍යායපත්‍රයක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් බෞද්ධ උරුමයන් නොසලකා හරිමින් සිටින බව පෙන්වා දුන්හ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් මහනායක මාහිමිපාණන් වහන්සේලා ඉදිරිපත් කළ ලිපි පවා නොසලකා හරිමින් උන්වහන්සේලාගේ හඬ යටපත් කිරීමට කටයුතු කර ඇති බවටද චෝදනා නැගූහ. ඥානසාර හිමියන් සිරගත කිරීම හුදෙක් එක් භික්ෂූන් වහන්සේ නමකට එල්ල වූ ප්‍රහාරයක් නොව, සමස්ත ශාසනයට හා සිංහල බෞද්ධ ජනතාවට එල්ල වූ අභියෝගයක් බව පැවසූ උන්වහන්සේ, බුදු සසුනත් අරහත් ධජයත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දිවි පරදුවට තබා පෙරට ඒමට මෙරට බෞද්ධ ජනතාව පසුබට නොවන බවද අවධාරණය කළහ. පාලකයන් වැරදි මාවතක ගමන් කරන්නේ නම් ඊට එරෙහිව ජනතා බලය පෙරදැරිව ප්‍රබල අරගලයක් දියත් කිරීමට සිදුවන බවද මිහින්තලා නාහිමියෝ වැඩිදුරටත් අනතුරු ඇඟවූහ.

Google AdSense

In-Article Ad