FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පාද යාත්‍රාව ‌කොළඹට.. ජනාධිපති කාර්‍යාලය අසල උණුසුම්..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පාද යාත්‍රාව ජනාධිපති ලේකම් කාර්‍යාලය ආසන්නයට පැමිණීමත් සමඟ එම පරිශ්‍රය අවට පොලීසිය, විශේෂ කාර්‍ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ යොදවා දැඩි ආරක්ෂක රැකවල් යොදවා තිබිණි. ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත ඇතුළුවන මාර්‍ග ආශ්‍රිතව පොලිස් මාර්‍ග බාධක යොදා තිබූ අතර, පාද යාත්‍රාවෙන් පැමිණි මහා සංඝරත්නය ප්‍රමුඛ පිරිස ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට මාර්‍ගයේ වාඩිවී පිරිත් සජ්ඣායනයක නිරත වෙමින් සිය විරෝධතාවයේ නිරත වෙති. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව අභියසින් ආරම්භ වූ මෙම ‘නිදහසේ පාද යාත්‍රාව’ අඛණ්ඩව දින හයක් පුරා කොළඹ-නුවර ප්‍රධාන මාර්‍ගය ඔස්සේ පාගමනින් කොළඹ බලා පැමිණියේය. ඊයේ දිනයේදී කඩවත නගරයට පැමිණ රැඳී සිටි පාද යාත්‍රාවේ සාමාජිකයන් අද (16) උදෑසන සිය හයවැනි සහ අවසන් දිනයේ පාගමන ආරම්භ කර පස්වරුව වන විට මෙලෙස ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්‍යාලය අභියසට ළඟා විය. ආගමික සහජීවනයට හානි වන අයුරින් ප්‍රකාශයක් සිදුකළ බවට වන නඩුවකදී කොළඹ මහාධිකරණය මඟින් වරදකරු කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවමක් නියම කෙරිණි. උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදී වහාම නිදහස් කරන ලෙස රජයට බලකරමින් මහා සංඝරත්නය, බෞද්ධ සංවිධාන සහ උන්වහන්සේගේ හිතවාදීන් එක්ව මෙම විරෝධතා පාද යාත්‍රාව සංවිධානය කර තිබුණි.

Google AdSense

In-Article Ad