
කොළඹ පාරවල් රැසක් ජලයෙන් යටවේ...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පවතින සුළං රටාවේ සිදුව ඇති වෙනස්වීම් හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල බොහෝ ප්රදේශවලට තවදුරටත් තද වැසි පතිත විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඊට අමතරව, සබරගමුව, මධ්යම සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ. උතුරු මැද, නැගෙනහිර, මධ්යම, සබරගමුව සහ ඌව යන පළාත්වලටත්, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන දිස්ත්රික්ක සඳහාත් ප්රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කර තිබේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි ප්රබල අකුණු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී. මේ අතර, කොළඹ ඇතුළු තද වැසි පවතින ප්රදේශවල මාර්ග ජලයෙන් යටවීම සහ මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් ඉදිරිය පැහැදිලිව නොපෙනීමේ අවදානමක් පවතින බැවින්, රථවාහන ධාවනය කිරීමේදී දැඩි අවධානයෙන් සහ විමසිලිමත්ව කටයුතු කරන ලෙස රියදුරන්ට උපදෙස් ලබාදී ඇත.
Google AdSense
In-Article Ad

