
කාවන්තිස්ස බේරන්න අපි උපරිම උත්සාහ කලා.. ඒත් බැරිවුණා..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය. මෙම ස්වාධීන විමර්ශනය හරහා විශේෂයෙන්ම ඇතාට ප්රතිකාර ලබාදීමේ සායනික ක්රියාවලියේදී යම් වෛද්යමය අතපසුවීමක් හෝ ප්රමාදයක් සිදුවූයේද, එසේත් නොමැති නම් කිසියම් බාහිර පාර්ශ්වයක් විසින් හිතාමතාම සත්ත්වයාට හානි කිරීමේ චේතනාවෙන් කටයුතු කර තිබේද යන්න පිළිබඳව සියලු අංශ ඔස්සේ සවිස්තරාත්මකව කරුණු විමර්ශනය කරන බව අමාත්යවරයා අවධාරණය කළේය. කාවන්තිස්ස ඇතා රෝගීව සිටි අවස්ථාවේදී ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් උපරිම වෛද්ය මැදිහත්වීමක් සිදු කළ බව පෙන්වා දුන් වෛද්ය ධම්මික පටබැඳි මහතා, සියලු උත්සාහයන් ව්යර්ථ කරමින් එම අගනා සම්පත රටට අහිමි වීම සම්බන්ධයෙන් පරිසර අමාත්යාංශය ලෙස දැඩි සංවේගය පළ කරන බව ද පැවසීය. මීට අමතරව, මෙවැනි අනතුරුවලට ලක්වන වන සතුන්ට කඩිනමින් ප්රතිකාර ලබා දීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව සතු පශු වෛද්ය පහසුකම් සහ ක්ෂේත්ර සේවා යාන්ත්රණය වඩාත් නවීන හා විධිමත් මට්ටමකට කඩිනමින් උත්ශ්රේණි කිරීමට පියවර ගන්නා බව ද අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේය. වයඹ වනාන්තර කලාපයේ, සියඹලන්ගමුව සහ ගල්ගමුව ආශ්රිතව සැරිසැරූ මෙරට විසූ උසම හා අභිමානවත්ම දළ ඇතුන් අතරින් ප්රමුඛයකු වූ ‘කාවන්තිස්ස’ ඇතා, ඉදිරිපස දකුණු පාදයට එල්ල වූ තුවක්කු වෙඩි ප්රහාරයකින් බරපතළ තුවාල ලබා සිටියදී පසුගිය 16 වැනිදා ජීවිතක්ෂයට පත්විය. දින ගණනාවක් පුරා වනජීවී වෛද්යවරුන් ප්රතිකාර ලබා දුන්න ද, ආහාර සහ ජලය නොගැනීමෙන් දැඩි ලෙස විජලනයට පත්ව වෙල්යායක ඇදවැටී සිටියදී ඇතා මියගොස් තිබිණි.
Google AdSense
In-Article Ad

