FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වන අලි ඝාතන පිටුපස සංවිධානාත්මක ජාලයක්.. පරිසර අමාත්‍යංශය පොලිසි යයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කාවන්තිස්ස ඇතාගේ මරණයත් සමඟ වන අලි ඝාතන පිටුපස කිසියම් සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව සොයා බලන ලෙස පරිසර අමාත්‍යාංශය පොලිසියෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඩයනා ඇතුළු අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතත්, ඔහු සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයෙකුද යන්න සහ සිද්ධීන් අතර සම්බන්ධයක් පවතීද යන්න නිල වශයෙන් තහවුරු කර ගත යුතුව තිබේ. වන අලි ඝාතන සම්බන්ධ සියලු පාර්‍ශ්වයන් පිළිබඳව විධිමත් හා ස්වාධීන විමර්‍ශනයක් සිදු කර, ඊට වගකිව යුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම අත්‍යවශ්‍ය වේ.

Google AdSense

In-Article Ad