FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ලෝක ඉතිහාසයේ කිසිම නායකයෙක් අනුර ජනාධිපතිතුමා කිවුව කතාව කියල නෑ..- ඇමති සුනිල් සෙනෙවි

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජනතාව සතු පරමාධිපත්‍ය බලය ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රධාන කුලුනු ත්‍රිත්වය වෙත පවරා ඇති පසුබිමක, වර්‍තමානයේ විධායක බලය හිමිව ඇත්තේ නීතියේ ආධිපත්‍යය නිසි ලෙස ගරු කරන නියම නායකයකු අතට බවයි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත වීම මුල් කරගනිමින් රට තුළ පැනනැගුණු නොසන්සුන් වාතාවරණය පිළිබඳව සාකච්ඡා කර කරුණු පැහැදිලි කිරීම සඳහා ජනාධිපතිවරයා වහාම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කැඳවූ බව අමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය. එම හමුවේදී ජනාධිපතිවරයා ඉතා සංයමයෙන් හා නිවුණු ස්වරූපයෙන් කරුණු පැහැදිලි කළ ආකාරය ද ඔහු විස්තර කළේය. සාම්ප්‍රදායික දේශපාලන සම්ප්‍රදාය තුළ කාලාන්තරයක් තිස්සේ පැවතියේ ‘පාලකයාගේ කැමැත්තම නීතිය’ බවට පත්වන වැඩවසම් පිළිවෙතක් වුවද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම මතය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ බව හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේය. "සාමාන්‍යයෙන් දේශපාලනයේ තියෙන්නේ පාලකයාගේ කැමැත්ත තමයි නීතිය කියන මතයයි. නමුත් ජනාධිපතිතුමා මහානායක හිමිවරුන් හමුවේ කිව්වේ 'මම කැමති වෙන්නේ නෑ මගේ කැමැත්ත නීතිය බවට පත්වෙනවට. ඒ ක්‍රමය වැරදියි. අප දැන්වත් එය හදන්න ඕන. මගේ කැමැත්ත නීතිය වෙලා හරියන්නේ නෑ' කියලයි. බලය අතැති රාජ්‍ය නායකයෙකු එලෙස ප්‍රකාශ කිරීම කොතරම් නිහතමානීද?" යනුවෙන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වර්‍තමානය වන විට රට තුළ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය එකිනෙකාගේ සීමාවන් සහ බලතලවලට ගරු කරමින්, එකිනෙකාගේ කාර්‍යභාරයන් ස්වාධීනව ඉටුකරන යහපත් දේශපාලන සංස්කෘතියක් බිහිවෙමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad