
ජනපති රෝහල්ගත කළ කතාව ඇත්තක්ද? - ජනාධිපති කාර්යාලයෙන් දැනුම්දීමක්!
FM Heart · 1 min read
ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන පුවත සාවද්ය බව ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි. එබැවින්, මෙවැනි අසත්ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, නිල තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව ඒවා හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපති මාධ්ය අංශය පවසයි.

