FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

විහාරමහාදේවියේ සිටි කස්සප හිමි හා සරත් වීරසේකර කොළඹ ප්‍රධාන පෙළේ සුපිරි හෝටලයක මුහුණ වසාගෙන යමින් සිටියදී හමු වෙයි (VIDEO)

FM Heart · 1 min read

The Heart Academy
කොළඹ ප්‍රසිද්ධ හෝටලයකින් පිටතට පැමිණෙන හිමිනමකගේ වීඩියෝවක් සහ හිටපු අමාත්‍යවරයකු බවට සැක කෙරෙන තවත් පුද්ගලයකුගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වෙමින් පවතිනවා. මෙම වීඩියෝ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර විවිධ අදහස් සහ අනුමාන පළ වෙමින් තිබෙනවා. එම වීඩියෝවේ දැක්වෙන හිමිනම, විහාර මහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහයක නිරතව සිටින කස්සප හිමියන් බවට ඇතැම් පුද්ගලයන් සැක පළ කරනවා. කෙසේ වෙතත්, වීඩියෝවේ සිටින හිමිනමගේ අනන්‍යතාව මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැහැ. එමෙන්ම, කස්සප හිමියන්ට සහයෝගය දක්වන හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා වීඩියෝවේ පෙනී සිටින අනෙක් පුද්ගලයා විය හැකි බවටද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ වනවා. එහෙත් එම පුද්ගලයාගේ අනන්‍යතාව සම්බන්ධයෙන්ද නිශ්චිත තහවුරු කිරීමක් වාර්‍තා වී නැහැ.
99mobile