FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වප් පුරපසළොස්වක් පොහොය නිමිත්තෙන් වෙහෙර විහාරස්ථාන සැදැහැවතුන්ගෙන් පිරී යයි

FM Heart · 2 min read

The Heart Academy
වප් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානය අද උදෑසන සිට සැදැහැවතුන්ගෙන් පිරීගොස් තිබෙනවා. ඇතැම් ප්‍රදේශ වලට ඇදහැලෙන වැසි ද නොතකමින් සැදැහැවතුන් විවිධ ආගමික වැඩසටහන්වල නිරතවෙමින් සිටින බවයි නෙත් නිව්ස් නියෝජිතයන් පැවසුවේ. වප් පුර පසළොස්වක පොහොයදා ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුව තිබෙනවා. පෙර වස් සමාදන් වූ භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කිරීම ඇතුළු සුවිශේෂී සිදුවීම් රැසක් වප්පුර පසළොස්වක පොහෝ දින සිදුවීම විශේෂත්වයක්. බෞද්ධ ජනතාව කඨින චීවර පූජාව මහත් බැති සිතින් සිදු කරනු ලබනවා. මෙය උදා වන්නේ වසරේ එක් පෝය දිනක දී පමණක් වීමද සුවිශේෂී කරුණක්. කඨින චීවර පූජාව උතුම් පූජාවක් ලෙස සැලකීම ථෙරවාදී බුදුදහම පවතින සෑම රටකම චිරාගත බෞද්ධ චාරිත්‍රයක්. එම සාම්ප්‍රදායික චාරිත්‍රයට අනුව අප රට තුළද කඨින චීවර පූජාව දැකගත හැකියි. සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාලාභී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත්වන්නේද අද වන් උතුම් පොහෝ දිනක වීමද විශේෂත්වයක්. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම වීමෙන් පසු භික්ෂුන් වහන්සේලා කැඳවා විනය සංගායනාවක් පවත්වන්නේද අද වන් වප්පුර පසළොස්වක පොහෝ දිනකයි. එසේම දේවානම්පියතිස්ස රජතුමා ධර්‍මාශෝක අධිරාජ්‍යයා වෙන අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිසක් පිටත් කර හැරීමත් එහිදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීමට සැලසුම් කිරීම සහ සඟමින් තෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීම අරමුණු වන්නේ ද මෙවන් පුන් පොහෝ දිනකයි. .
99mobile