FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලක් රජයේ PHP වෙබ් අඩවි වල අනතුරු ඇගවේ...

FM Heart · 1 min read

The Heart Academy
අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතාගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්‍තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති චක්‍රලේඛය මඟින් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත. CVE-2026-109618 සහ CVE-2026-109619 යන කේත මඟින් හඳුනාගෙන ඇති මෙම බරපතළ ආරක්ෂක සිදුරු හේතුවෙන් රජයේ වෙබ් පද්ධති වෙත අනවසරයෙන් ප්‍රවේශ වීම, සංවේදී රාජ්‍ය දත්ත සොරකම් කිරීම මෙන්ම පද්ධතිවල ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි අදාළ චක්‍රලේඛයේ පෙන්වා දී තිබේ. මෑත කාලීනව රාජ්‍ය අංශයේ වෙබ් අඩවි ඉලක්ක කර ගනිමින් එල්ල වන විවිධ සයිබර් ප්‍රහාර සහ දත්ත කාන්දුවීම් සැලකිල්ලට ගනිමින් මෙම පූර්‍ව ආරක්ෂක ක්‍රියාමාර්‍ග ගැනීම අත්‍යවශ්‍ය වී ඇත. මීට අමතරව, අදාළ වෙබ් අඩවිවල මෙවැනි දුර්‍වලතා පවතින්නේදැයි පරීක්ෂා කර බැලීම සඳහා ඩිජිටල් ආර්‍ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘GovTech Sri Lanka’ ආයතනය විසින් 'www.govtech.lk/cvesecure' හරහා ආරක්ෂක දුර්‍වලතා අනාවරකයක් (Vulnerability detector) සකස් කර ඇති අතර, තාක්ෂණික සහාය අවශ්‍ය වන්නේ නම් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) හා සම්බන්ධ වීමට වෙබ් අඩවි භාර තාක්ෂණික ශිල්පීන්ට අවස්ථාව ලබා දෙන ලෙස ද රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
99mobile