FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් කටුනායකට

FM Heart · 1 min read

The Heart Academy
ජපානයේ පැවති 05 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් පදක්කම් 09 ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. ආසියානු කලාපයේ රටවල් 45 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,590 කගේ සහභාගීත්වයෙන් ජපානයේ නගෝයා නුවරදී මෙම තරගාවලිය ආරම්භ වුණේ ඉකුත් 18 වනදායි. එය පසුගිය 24 වනදා දක්වා පැවැත්වුණා. එහිදී පදක්කම් 9 ක් දිනාගනිමින් තරගාවලියේ 16 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, ජනනි ධනංජනා වික්‍රමසිංහ සහ ප්‍රදීප් සෝමසිරි ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් දිනා දීමට සමත් වුණා. එමෙන්ම ජනනි ධනංජනා වික්‍රමසිංහ, ගලීනා බස්නායක, සමිත දුලාන් සහ නුවන් ඉන්දික රිදී පදක්කම් දිනාගත් අතර, මොහොමඩ් සෆ්‍රාන්, නවීඩ් රහීම් සහ මධුරංග සුබසිංහ ලෝකඩ පදක්කම් දිනාගත්තා. .
99mobile