
ශ්රී මහ බෝධියේ ප්රධාන කපුවා දඩ මස් එක්ක අත්අඩංගුවට.. නඩු දාන්නැයි අධිකරණ නියෝගයක්..
FM Heart · 1 min read
අනුරාධපුර අතිරේක මහෙස්ත්රාත් දසුනි හපුආරච්චි මහත්මිය විසින් රිටිගල වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්ෂකවරයා වෙත මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි. මෙහිදී මහෙස්ත්රාත්වරිය වැඩිදුරටත් නියෝග කර සිටියේ, ඉදිරි නඩු වාරයේදී මෙම නඩුව මෙහෙයවීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත රජයේ නීතිඥවරයෙකුගේ සහාය ලබාගැනීමට කටයුතු කරන ලෙසයි. සැකකාර ප්රධාන කපුවා සන්තකයේ තිබී සිය භාරයට ගත් විවිධ වනසතුන්ගේ මස් සාම්පල සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු බලයලත් අංශ මඟින් ලබාගත් විශේෂඥ වාර්තාවක්ද වනජීවී නිලධාරීන් විසින් මෙදින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්රාත්වරිය, අදාළ නඩුව යළි කැඳවීම ලබන වසරේ පෙබරවාරි මස 12 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළාය.

