FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

දිට්වා කුණාටුවෙන් කැඩුනු පාර හදන්නැයි මහ වැස්සේ විරෝධතා...

FM Heart · 1 min read

The Heart Academy
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයක් නිසා, මාර්‍ගයේ කොටසක් නායයෑමට ලක් වූ බවත්, පසුව ප්‍ර දේශවාසීන් සහ එම මාර්‍ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් සහ අයිතිකරුවන් එක්ව මුදල් එකතු කර මාර්‍ගය තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර ගත් බවයි උද්ගෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියහ. පසුගිය දින කිහිපය තුල ඩයගම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්‍ෂාව සමග නායයෑමට ලක් වූ තාවකාලිකව ප්‍රතිසංස්කරණය කරන ලද කොටස සම්පූර්‍ණයෙන්ම සැඩ පහරට ගලා යෑම නිසා එම මාර්‍ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්‍ණයෙන්ම ඇනහිට ඇති බවයි උද්ගෝෂණයේ නිරත වතු කම්කරුව්න කියා සිටියේ. පවත්නා තත්වය මත මාර්‍ගය කැඩී ගිය ස්ථානයෙන් ගමන් කල හැක්කේ ත්‍රී රොද් රථවලට පමණක් බවත්, එම තත්වය මත ප්‍රදේශයේ ගර්‍භණී කාන්තාවන්, පාසල් සිසුන් මෙන්ම මාර්‍ගය භාවිතා කරන සාමාජ්‍ය ජනතාවද දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බවත්, මාර්‍ගයේ ජලයට හසු වී කඩා ගෙන ගිය කොටස මහජනතාවට ප්‍රතිසංස්කරණය කල නොහැකි නිසා එය වග කියයුතු නිළධාරින්ගේ අවධානය යොමු කල යලිත් මාර්‍ගය නායයෑමේ අවධානමකට ලක් නොවන ආකාරයකට ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස උද්ගෝෂණයේ නිරතව සිටි පිරිස ඉල්ලා සිටියහ.
99mobile