FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

A කණ්ඩායම් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වෛභව් සූර්‍යවංශි ගේ නමට

FM Heart · 2 min read

The Heart Academy
A කණ්ඩායම් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය රැස්කරමින් නව ලෝක වාර්‍තාවක් පිහිටුවීමට ඉන්දියාවේ වෛභව් සූර්‍යවංශි අද (නොවැම්බර් 24) සමත් වුණා. ​ ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ ආසියානු රයිසින් ස්ටාර්‍ස් එක්දින ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග තරගයේදීයි. වෛභව් සූර්‍යවංශි මෙහිදී සිය ශතකය රැස් කළේ පන්දු 28ක් පමණක් වැය කරමින්. එහිදී ඔහු විසින් බිඳහෙළනු ලැබූයේ ඕස්ට්‍රේලියාවේ ජේක් ෆ්‍රේසර් මැක්ගර්‍ක් පන්දු 29කින් ශතකයක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්‍තාවයි. මීට අමතරව වේගවත්ම ලකුණු 150 සහ වේගවත්ම ද්විත්ව ශතකය යන වාර්‍තාද වෛභව් සූර්‍යවංශි විසින් මෙහිදී අලුත් කළා. ඔහු සිය ද්විත්ව ශතකය රැස් කළේ පන්දු 52කින්. A කණ්ඩායම් ක්‍රිකට් තරඟවල එක් ඉනිමකදී වැඩිම හයේ පහර සංඛ්‍යාව සදහා වු වාර්‍තාවද වෛභව් සූර්‍යවංශි මෙහිදී බිදහෙලනු ලැබුවා. ඒ හයේ පහර 28ක් එල්ල කරම්න්. මෙම ඉනීමේදි වෛභව් සූර්‍යවංශිගේ පිතිකරණ ප්‍රහාරාත්මක වේගය 384.90ක් වීමද විශේෂත්වයක්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 249ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය A කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාව පසුකර යමින් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 254ක් ලබාගනිමින් තරගය ජයගත්තේ පන්දුවාර 14යි පන්දු 2ක් පමණි වැය කරමින්. එහිදී ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය පන්දුවාරයකට ලකුණු 17.72ක් වුණා. ලකුණු 254ක් ලකුණු 204ක් ම ලබාගත්තේ වෛභව් සූර්‍යවංශි විසින් වීමද විශේෂත්වයක්. .
99mobile