
සූර්‍යවංශි ක්‍රිකට් උඩුයටිකුරු කරයි.. වේගවත්ම ද්විත්ව ශතකය වේගවත්ම ශතකය සමග එක තරගයක ලෝක වාර්‍තා 4ක්...
FM Heart · 1 min read
දෝහා නුවර පැවැත්වෙන ‘Asia Cup Rising Stars’ තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ඉන්දියානු ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ සූර්‍යවංශි, පන්දු 53කදී නොදැවී ලකුණු 204ක් රැස්කරමින් මෙම විශ්මිත ඉනිම ක්‍රීඩා කළේය. ඔහු සිය ශතකය වාර්‍තා කළේ පන්දු 28කින් පමණක් වන අතර, මීට පෙර ඔස්ට්‍රේලියාවේ ජේක් ෆ්‍රේසර්-මැක්ගර්‍ක් පන්දු 29කින් තබා තිබූ ලෝක වාර්‍තාව එක් පන්දුවකින් බිඳ දැමීමට ඔහුට හැකි විය. අනතුරුව ඊළඟ ලකුණු 100 සඳහා වැය කළේ පන්දු 24ක් පමණි. ඒ අනුව පන්දු 52කදී සිය ද්විත්ව ශතකය සම්පූර්‍ණ කළ සූර්‍යවංශි, මීට පෙර චැඩ් බෝව්ස් පන්දු 103කින් තබා තිබූ ලෝක වාර්‍තාව අඩකටත් වඩා අඩු පන්දු සංඛ්‍යාවකින් සුණුබිසුණු කර දැමීය. මෙම ඉනිමත් සමඟ ලෝක List-A’ ක්‍රිකට් පිටියේ ප්‍රධානතම සන්ධිස්ථාන වාර්‍තා 4ක් එකවර තමන් සතු කර ගැනීමට මේ යොවුන් ක්‍රීඩකයා සමත්ව සිටියි. මෙය සූර්‍යවංශි සිය List A ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කළ 16 වන ඉනිම වන අතර, ඔහු වාර්‍තා කළ දෙවන ශතකය ද වේ.

