FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රජය නිහඬයි.. සාකච්චා නෑ.. දොස්තරලා සටන් දැඩි කරයි...

FM Heart · 3 min read

The Heart Academy
කප්පාදු කළ වැටුප් සහ දීමනා පිළිබඳව දැනුවත් කිරීමට වෛද්‍යවරු ආගමික නායකයන් හමුවේ. රටක් ලෙස ශ්‍රී ලංකාව‚ පසුගිය කාල සීමාව පුරා මුහුණ දෙන ලද ආර්‍ථික අර්‍බුද සහ අනෙකුත් අර්‍බුදකාරී අවස්ථාවන් වලදී‚ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් විසින් ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑමට කටයුතු කරන ලදී. එමෙන්ම එම කාල සීමාව තුළදී රටේ පැවති ආර්‍ථික අර්‍බුදය නිසා වෛද්‍යවරුන් විසින් තම වැටුප් සහ දීමනා විශාල වශයෙන් කපා හැරීමට ලක් වීමේදීත් එම කැප කිරීම සිදු කර ආර්‍ථික දුෂ්කරතාවයන් දරා ගන්නා ලදී. මේ වන විට ලංකාවේ වෛද්‍ය සේවය හා සෞඛ්‍ය සේවය මෙම ආර්‍ථික ගැටළු නිසාවෙන් තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇත. මූලික වශයෙන් හඳුනා ගත් ගැටළු කිහිපයක් නිරාකරණය කරගැනීමකින් තොරව‚ වෛද්‍ය සේවය තවදුරටත් ප්‍රශස්තව පවත්වාගෙන යාමේ දුෂ්කරතාවයක් පැන නැගී ඇත. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වශයෙන් පසුගිය මාස කිහිපය පුරාවටම මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය වෙතින් දිගින් දිගටම ඉල්ලීම් කරනු ලැබූ නමුත් රජය පාර්‍ශවයෙන් ඒ සඳහා කිසිදු සාකච්ඡාවක් ලබා දීමට සංවේදී නොවීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස 2027 අයවැය යෝජනාවලිය තුළදී ඉටු කර ගැනීමට අවශ්‍ය වූ මූලික ඉල්ලීම් 5ක් ඉදිරිපත් කර ඇත. ඒවා නම්‚ 2018 වර්‍ෂයේ අනුමතකරන ලද නමුත් පූර්‍ණ වශයෙන් නොගෙවන DAT දීමනාව සම්පූර්‍ණයෙන් ගෙවීම ආරම්භ කිරීම. වියදම් ප්‍රතිපූර්‍ණය කිරීම මූලික කොට ලබා දෙන ලද DAT දීමනාව දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදන වලට අනුව බදු වලින් නිදහස් කිරීම. 2025 වර්‍ෂයේ සිට අත්හිටුවා ඇති අමතර රාජකාරි හා නිවාඩු දින දීමනාවන්හි 1/3ක ප්‍රමාණය නැවත ගෙවීම. සියළු සුදුසුකම් සපුරා ඇති විශෙෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 22/99 චක්‍රලේඛය වෙත අන්තර්‍ග්‍රහණය කොට ප්‍රවාහන පහසුකම් ලබා දීම. වසර 6කට ආසන්න කාලයක් තිස්සේ අත්හිටුවා ඇති බදු සහන සහික වාහන ආනයන බලපත්‍ර නැවත ක්‍රියාත්මක කිරීම. මෙම සියළු ඉල්ලීම් මේ වන තෙක් වෛද්‍යවරුන් වෙත හිමි‚ නමුත් නොගෙවා සිටින ලද හෝ අත්හිටුවන ලද දීමනා සහ වරප්‍රසාද වන අතර කිසිදු නව ඉල්ලීමක් ඇතුලත් නොවේ. රජය විසින් මේ සම්බන්ධයෙන් සාධනීය සාකච්ඡාවකට අවතීර්‍ණ වේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලාපොරොත්තු වුවද මේ දක්වා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් නොවැ. 23 වන දින සිට වෘත්තීය ක්‍රියාමාර්‍ග ආරම්භ කරන ලදී. ඒ අනුව ගරු ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයද සියළු පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරුන්ද දැනුවත් කිරීම සඳහා ඉල්ලීම් ඇතුලත් ලිපියක් බාර දී ඇති අතර අද දිනයේ සිට ගරුතර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් දැනුවත් කිරීම ආරම්භ කරන ලදී. එමෙන්ම හෙට දිනයේදී (25.11.2026) කොළඹ නගරය ඇතුළු රට පුරා ප්‍රධාන නගර සියල්ලම ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අප හට කිසිදු දේශපාලන අරමුණක් නොමැති අතර විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියළු ‍වෛද්‍යවරුන්ට නිසි ආර්‍ථික සාධාරණය ඉටු කරවා ගැනීම අපගේ වෘත්තීය අරගලය වේ. ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස මෙම කරුණු පිළිබඳව සලකා බලා සාධනීය ප්‍රතිචාරයක් ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.
99mobile