
‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ ජනපතිගේ ජන රැලි Slow කරයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රජයේ දෙවසරක කාලසීමාව සනිටුහන් කරමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව සෑම දිස්ත්‍රික්කයකම ජනරැලි දෙක බැගින් පැවැත්වීමට ජාතික ජන බලවේගය මූලික වශයෙන් සැලසුම් කර තිබූ බවයි. කෙසේවෙතත්, එම කාලසටහන සංශෝධනය කිරීමටත්, රැලි පවත්වන දින අතර කාල පරාසය වැඩිකිරීමටත් මේ වන විට තීරණය කර ඇති බව හෙතෙම සඳහන් කළේය. "අපි මුලින් අදහස් කළේ ඉතා කෙටි කාල පරාසයන් තුළ මෙම ජනරැලි පවත්වා අවසන් කිරීමටයි. නමුත් කාලසටහන සංශෝධනය කිරීමත් සමඟ ඇතැම් රැස්වීම් කලින් නියමිත දිනවලට වඩා පසු දිනවල පැවැත්වීමට ඉඩ තිබෙනවා. කෙසේවෙතත්, කලින් සැලසුම් කළ සියලුම රැලි අනිවාර්‍යයෙන්ම පවත්වනවා. සිදුවන්නේ ඒවා තදබද කාලසටහනකට අනුව එක දිගට නොපවත්වා, වැඩි කාල පරතරයක් සහිතව පැවැත්වීම පමණයි," යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම මහජන රැලි මාලාව පසුගිය සැප්තැම්බර් මස 06 වැනිදා කළුතරින් ආරම්භ කළ අතර, ඉන් අනතුරුව අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවලදීද ජනරැලි පවත්වන ලදී.
Google AdSense
In-Article Ad

