FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

suspects regarding the easter sunday terror attacks will commence

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 25 දෙනකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ විත්තියේ සාක්ෂි විමසීම අද (17) ආරම්භ කරන බව අධිකරණය දැනුම් දුන්නේය. පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් වීමෙන් පසු, පැමිණිල්ල විසින් ප්‍රබල නඩුවක් ඉදිරිපත් කර ඇතැයි තීරණය කළ විනිසුරු මඬුල්ල විත්තියේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහාධිකරණ විනි­සු­රු­ව­රු­න්ගෙන් සම­න්විත කොළඹ ස්ථීර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල මේ දැනුම් දීම කළේය. අප­රාධ නඩු විධි­වි­ධාන සංග්‍ර­හයේ 200 (1) වග­න්තිය යටතේ විත්ති­වා­චක ඉදි­රි­පත් කරන ලෙස නියෝග කළ අව­ස්ථා­වක විත්ති­ක­රු­වන්ට සාක්ෂි කූඩු­වට නැඟ හරස් ප්‍රශ්න­ව­ලට භාජ­නය වෙමින් සාක්ෂි දීමට, විත්ති කූඩුවේ සිට ප්‍රකා­ශ­යක් කිරී­මට, සාක්ෂි­ක­රු­වන් කැඳ­වී­මට හෝ නිශ්ශ­බ්දව සිටී­මට අව­ස්ථාව ඇත. ඒ අනුව දැනට මේ නඩුවේ සැක­ක­රු­වන් ලෙස නම් කර සිටින 24 දෙනා­ගෙන් නීතිඥ නියෝ­ජ­න­යක් නැති චුදි­ත­යකු වන 6 වැනි විත්ති­කාර රිස්කාන් නිහ­ඬව සිටින බවත්, ඉතිරි විත්ති­ක­රු­වන් 23 දෙනා විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කරන බව දන්වා සිටි­යේය. විත්ති­ක­රු­වන් සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි නොදෙන අව­ස්ථා­වක පැමි­ණි­ල්ලට ඔවුන්ගේ ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් හරස් ප්‍රශ්න විම­සීමේ හැකි­යා­වක් නැත. එහෙත් සාක්ෂි ආඥා පනතේ 165 වැනි වග­න්තිය යටතේ අධි­ක­ර­ණ­යට යම් යම් පැහැ­දිලි කිරීම් කර­ගැ­නීම සඳහා චුදි­ත­ය­න්ගෙන් ප්‍රශ්න විම­සීමේ හැකි­යාව තිබේ. එමෙන්ම සම­හර විත්ති­ක­රු­වන් තමන් වෙනු­වෙන් සාක්ෂි­ක­රු­වන් ඉදි­රි­පත් කරන බව පැව­සීය. විත්තියේ නඩුව ආරම්භ වීමෙන් පසු සාක්ෂි­ක­රු­වන් ඉදි­රි­පත් කරන චුදි­ත­යන් සිය සාක්ෂි­ක­රු­වන්ගේ ලේඛ­න­යක් අධි­ක­ර­ණ­යට දැනුම් දීමට නිය­මි­තය. නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ හරි­ප්‍රියා ජය­සු­න්දර, අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ සුද­ර්‍ශන ද සිල්වා ඇතුළු නීතිඥ මඬු­ල්ලක් පැමි­ණිල්ල මෙහෙ­ය­වති. පැමි­ණිල්ලේ සාක්ෂි විභා­ගය 2023 ඔක්තෝ­බර් 10 දින ආරම්භ කෙරුණු අතර, දින 250කට ආසන්න කාල­යක් විත්ති­ක­රු­වන්ට එරෙ­හිව සාක්ෂි විම­සීම සිදුවිය. පැමි­ණිල්ලේ සාක්ෂි විම­සී­මේදී සහ­රාන්ගේ මරා­ගෙන මැරෙන කණ්ඩා­යමේ සාමා­ජි­ක­යෙක් රජයේ සාක්ෂි­ක­රු­වකු වෙමින් ප්‍රබල තොර­තුරු රැසක් අනා­ව­ර­ණය කළේය. (සිළුමිණ)

Google AdSense

In-Article Ad