FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වයස අවුරුදු 19න් පහළ ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් බංග්ලාදේශයට ලකුණු 159 ක ඉලක්කයක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ශ්‍රි ලංකාව, පකිස්තානය සහ බංග්ලාදේශය සහභාගි වන වයස අවුරුදු 19න් පහළ කාන්තා ටී ටුවෙන්ටි ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 6ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තා. නැවත වරක් වේගවත් පිතිහරඹයක යෙදුණු සංජනා කාවින්දි පන්දු 44කදී ලකුණු 64 යි. තරගය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 159 ක් ලබාගත යුතු වනවා. තරගය පැවැත්වෙන්නේ පකිස්තානයේ ෆයිසලාබාද් නුවරදීයි. .

Google AdSense

In-Article Ad